



නිකවැරටිය ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2021/12/10 දින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත සංවිධාන කෙරිණි.
ප්‍රාදේශීය සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ වයඹ පළාත් සභාව විසින් සංවිධාන කළ "විසුල මිණි" සාහිත්‍ය තරඟාවලියට ප්‍රථම වරට ඉදිරිපත් වී නවකතා අත්පිටපත් තරඟයෙන් පළමු ස්ථානය ලබාගත් ඩී.එම්.ජයන්ත දිසානායක මහතා සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් එච්.එම්.නිශ්ශංක මහතා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරිණි.
මෙම සාහිත්‍ය තරඟාවලිය සංවිධාන කිරීමේදී නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලය විශාල දායකත්වයක් ලබාදුන් අතර කලා මහෝත්සවය සංවිධාන කිරීමේදී ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරී රෝහිණී සෝමලතා සහ සුභාෂිණි ප්‍රේමදාස මහත්මීන් ප්‍රමුඛත්වය ගත් අතර අනෙකුත් කාර්‍යාලයීය නිලධාරීන්ගෙන් හිමිවූ සහයෝගයද අගය කෙරිණි.






දෙමළ භාෂාව යනු අපිට ආගන්තුක දෙයක් නොවුණද විවිධ හේතූන් මත අපෙන් දුරස්වූවක්.වර්තමානයේ එය රාජ්‍ය නිලධාරීන්ට අනිවාර්ය කර තිබුණද භාෂාවට එහා ගොස් දෙමළ ජාතික සංස්කෘතිය සහ ඇවතුම් පැවතුම් පිළිබද අප ඉගෙන ගැනීම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනගන්නට යන ගමනේ අත්‍යවශය කරුණකි.
එම අරමුණ පෙරදැරි කර ගනිමින් නිකවැරටිය කලාපයේ විදුහල්පතිවරුන් ඉලක්ක කර ගනිමින් පැවැත්වූ පැය 200ක දෙමළ භාෂා පාඨමාලාවේ අවසන් දින වැඩසටහන සංස්කෘතිකාංග වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් 2021.12.01 දින පස්වරුවේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ඒ.පී.එස්.ජයමහ මහත්මිය සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතා මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පුහුණු නිලධාරී ජයසිංහ ඉරුගල්බණ්ඩාර මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ ජේ.එම්.එන්.ජයසුන්දර මහතා, ගණකාධිකාරී කල්‍යාණි ද සිල්වා මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක ආලෝක බණ්ඩාර මහතා මෙම භාෂා පුහුණු වැඩසටහන සංවිධාන කරනු ලැබූ අතර සම්පත්දායක මහත්ම මහත්මීන්ගෙන්ද ලැබුණේ නොමඳ සහයෝගයකි.




අධිකරණ අමාත්‍යාංශයේ, ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ ප්‍රතිපාදන මත නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ පූර්ණ මගපෙන්වීම හා උපදෙස් පරිදි 2021 වර්ෂයට අදාල ජාතික සමගි සංධාන වැඩසටහනේ කාන්තා සංවිධාන නියෝජිතවරියන් සදහා වන වැඩසටහන අද දින(2021.11.19) ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.අධිකරණ අමාත්‍යාංශයේ, ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ ප්‍රතිපාදන මත නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ පූර්ණ මගපෙන්වීම හා උපදෙස් පරිදි 2021 වර්ෂයට අදාල ජාතික සමගි සංධාන වැඩසටහනේ කාන්තා සංවිධාන නියෝජිතවරියන් සදහා වන වැඩසටහන අද දින(2021.11.19) ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.නිකවැරටිය සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා සහභාගීත්වයෙන් යුතුව ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සම්පත්දායක ජයන්ත හේරත් මහතාගේ සම්පත් දායකත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක එම්.ඒ.බී.ඒ.යූ.එස්.ආලෝක බණ්ඩාර මහතාගේ සංවිධානයෙන් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විනි.වනිතා සංවර්ධන නිලධාරිගේ සහයෝගයෙන් කොට්ඨාසයේ කාන්තා සංවිධාන නායිකාවන් 40 දෙනෙකු සදහා උක්ත වැඩසටහන සංවිධාන කරන ලදී.ජාතික සමගිය හා සංහිඳියා යාන්ත්‍රණයට අදාලව බිම් මට්ටමේ ජනතා යෝජනා හා අදහස් ලබා ගැනීමේ අරමුණින් සංවිධානය කළ මෙම වැඩසටහන තුල සාකච්ඡා කල කරුණු, අදහස් හා යෝජනා සංහිඳියා යාන්ත්‍රණයක් සකස් කිරීමේ ජාතික වැඩසටහන වෙත යොමු කිරීමට නියමිතය.





33 වන අන්තර් යෞවන සමාජ මලල ක්‍රීඩා උළෙලේ නිකවැරටිය ප්‍රාදේශීය තරඟාවලිය අද දින (2021.11.28) නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.33 වන අන්තර් යෞවන සමාජ මලල ක්‍රීඩා උළෙලේ නිකවැරටිය ප්‍රාදේශීය තරඟාවලිය අද දින (2021.11.28) නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.
ජාතික තරුණසේවා සභාව,නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ යෞවන සමාජ බලමණ්ඩලය එක්ව සංවිධාන කරනු ලැබූ මෙම තරඟාවලිය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවත්විණි.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා නිලධාරී අමිල බණ්ඩාර මහතාගේ සහ තරුණ සේවා නිලධාරී මධුනි සේනාධීර මෙනෙවියගේ සංවිධාන ශක්තියෙන් පැවැති මෙම තරඟාවලියේදී වේගවත්ම ක්‍රීඩකයා ලෙස ජී.බී.සමන් සහ, වේගවත්ම ක්‍රීඩිකාව ලෙස ටී.එම්.චන්දිමා දිල්ශානි සම්මාන ලැබීය.





ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ මෙහෙයවීමෙන්, වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර සහ කොටවෙහෙර යන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් වෙත පවත්වනු ලබන ඉඩම් රාජකාරි පිළිබද දෙදින පුහුණු වැඩසටහන නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී අද දින (2021.11.12) පෙරවරුවේ ආරම්භ විය.ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ මෙහෙයවීමෙන්, වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් නිකවැරටිය, කොබෙයිගනේ, රස්නායකපුර සහ කොටවෙහෙර යන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් වෙත පවත්වනු ලබන ඉඩම් රාජකාරි පිළිබද දෙදින පුහුණු වැඩසටහන නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී අද දින (2021.11.12) පෙරවරුවේ ආරම්භ විය.
වයඹ පළාත් ඉඩම් කොමසාරිස් ආලෝක බණ්ඩාර මහතා, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් චන්දන වන්නිනායක මහතා,නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා සහ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් දිලානි ගුණසිංහ මහත්මිය, නිකවැරටිය සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතා ඇතුළු මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.




















