jalajivi1jalajivi2jalajivi3jalajivi4

ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොකුණු සහ මාගල්ලේ ජලාශයට මත්ස්‍ය පැටවුන් 240,000 ක් මුදා හැරීම 2021.12.30 සිදුවිය.

නිකවැරටිය කිරිඳිගල්ල ප්‍රදේශයේ තෝරාගත් පොකුණු වලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර දේශපාලන අධිකාරියේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාගල්ලේ ජලාශයට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම සිදුවිය.

මෙම වැඩසටහන සංවිධාන කරනු ලැබුවේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී උපාලි රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

sanhidiya1sanhidiya2sanhidiya3sanhidiya4

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධාන කරන ජාතික සමගි සංධාන වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී 2021.12.30 පැවැත්විණි.

අධිකරණ අමාත්‍යාංශයේ ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ මෙහෙයවීමෙන්  ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම හා සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අද දිනයේදී කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී කර ගැනුණි.

මේ සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරී ජයන්ත හේරත් මහතාගේ සහ සමථ නිලධාරී සුරත් අමරසිංහ මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර මෙම වැඩසටහනේ දී ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් ජාතික සංහිඳියා යාන්ත්‍රණයක් සකස් කිරීම සදහා සංහිඳියා කාර්යාංශය වෙත යොමු කිරීමට නියමිතයි.

අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක එම්.ඒ.බී.ඒ.යූ.එස්.ආලෝක බණ්ඩාර මහතා විසින් මෙම කටයුතු සංවිධාන කර සම්බන්ධීකරණය කරනු ලබයි.

thirasara1thirasara2thirasara3

තිරසර පුණ්‍යග්‍රාම ව්‍යාපෘතියට සමගාමීව ඊ අපද්‍රව්‍ය හා කසළ බැහැර කිරීම පිළිබද වැඩසටහනක් කැබැල්ලෑව,හාතිගම්මන සහ ඒ ආශුිත මාර්ග ආවරණය වන පරිදි 2021.12.28 දින පැවැත්විණි.නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ පූර්ණ මගපෙන්වීම මත පැවැති මෙම වැඩසටහන නිකවැරටිය  ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් සහ එම සභාවේ සංවර්ධන නිලධාරි එච්.එම්.ජි.හේරත් මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු කළ අතර ඒ සදහා ට්‍රැක්ටරය හා කම්කරු මහත්වරුන් දෙදෙනා ලබාදුන් සහයෝගය ද අතිශය අගය කෙරිණි. වසම්භාර නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන්  කසළ බැහැර කළ යුතු ආකාරය පිළිබදව මීට පෙර අත්පත්‍රිකාවක්  මගින් අදාළ ප්‍රජාව දැණුම්වත් කර තිබූ අතර තිරසර පුණ්‍යග්‍රාම වැඩසටහන බුද්ධශාසන අමාත්‍යංශයේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වේ.

samatha1samatha2samatha3

ගැටුම් නිරාකරණයේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණය පිළිබද විශේෂ එක්දින වැඩමුළුවක් 2021.12.28 දින නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.කොට්ඨාසයේ සියළුම ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ කාර්‍යාලයීය නිලධාරීන් සහභාගී කරවා ගනිමින් පැවැති එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ මේ පිළිබද කුරුණෑගල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී උදේනි පුෂ්පශාන්ත මහතායි.ගැටුම් නිරාකරණයේදී ප්‍රජාව සමඟ ඍජුව සම්බන්ධ වීමේදී නිලධාරීන් විසින් ප්‍රගුණ කළ යුතු පෞරුෂ ගුණාංග පිළිබද මෙහිදී සියුම් අධ්‍යයනයට ලක් විණි

punyagrama1punyagrama3punyagrama2punyagrama4

අධ්‍යාත්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ "මනස නිවන බෞද්ධ ගී මියැසිය" වැඩසටහන 2021.12.10 වන දින පස්වරුවේ කැබැල්ලෑව ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

නිකවැරටිය පුාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ පූර්ණ මගපෙන්වීම අනුව කැබැල්ලෑව ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරවාසී පූජ්‍ය උනුවින්නේ උදිතානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත දහම්පාසලේ/විහාරස්ථ දායක සභාව විසින් සංවිධාන කළ මෙම වැඩසටහන සඳහා කුරුණැගල සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි එච්.එම්.පී.බී.හේරත් මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සම්පත්දායකත්වය හිමිවිය.

මේ සදහා නිකවැරටිය පොලීසියද සම්බන්ධ වූ අතර වසම්භාර සියළුම නිලධාරීන් මේ සඳහා දායකත්වය ලබා දීම ද අගය කෙරිණි.

බුද්ධශාසන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත පැවති මෙම වැඩසටහන නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී එච්.එම්.විමලා හේරත් මහත්මිය සහ එන්.කේ.බී.ඒ.එම්.එම්.නරසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top