youth1youth2youth3youth4youth5

33 වන අන්තර් යෞවන සමාජ මලල ක්‍රීඩා උළෙලේ නිකවැරටිය ප්‍රාදේශීය තරඟාවලිය අද දින (2021.11.28) නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.33 වන අන්තර් යෞවන සමාජ මලල ක්‍රීඩා උළෙලේ නිකවැරටිය ප්‍රාදේශීය තරඟාවලිය අද දින (2021.11.28) නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

ජාතික තරුණසේවා සභාව,නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ යෞවන සමාජ බලමණ්ඩලය එක්ව සංවිධාන කරනු ලැබූ මෙම තරඟාවලිය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවත්විණි.

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා නිලධාරී අමිල බණ්ඩාර මහතාගේ සහ තරුණ සේවා නිලධාරී මධුනි සේනාධීර මෙනෙවියගේ සංවිධාන ශක්තියෙන් පැවැති මෙම තරඟාවලියේදී වේගවත්ම ක්‍රීඩකයා ලෙස ජී.බී.සමන් සහ, වේගවත්ම ක්‍රීඩිකාව ලෙස ටී.එම්.චන්දිමා දිල්ශානි සම්මාන ලැබීය.

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top