inde6inde9inde7inde4inde3

74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීම අනුව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිදහස් දින සැමරුම් උත්සවය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2022.02.04 පෙරවරුවේ පැවැත්විණි.

පෙරවරු 08:19 ට යෙදුනු සුබ මොහොතින් ජාතික ධජය එසවීම සිදුවුණු අතර නිදහස් දිනය නිමිත්තෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි පැළ දස ලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ද නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොට්ඨාසයේ සියලුම සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි අද පෙරවරුවේ සිදුකෙරුණි

මෙහි ප්‍රධාන උත්සවය ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වාසිවැව කිරිඳිගල්ල වැව දෙපස හා වාසිවැව පොදු ක්‍රීඩාංගණයේදී  පැවැත්වුණි.  නිකවැරටිය මහව මාර්ගය දෙපස පැළ රෝපණය කිරීම  රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගලපිටියාගම විමලධම්ම අනුනායක හිමියන්ගේ වැඩමවීමෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහ වසම් භාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කරකොළේ ග්‍රාම නිලධාරී වසමේදී සිදු කෙරිණි

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම සියලුම පැල ආරක්ෂා කර ගැනීම සඳහා සමෘද්ධි ලාභීන්ගේ සමෘද්ධිලාභීන් ගේ දායකත්වයෙන් නිසි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.

තවද සියළුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහන් වසම්භාර නිලධාරීන්ගේ හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ හා මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2022.01.13 32022.01.13 22022.01.13-6.png2022.01.13--1.png2022.01.13 42022.01.13-5.png

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පුරා දින 19 ක් කාලයක් තුල පවත්වන ලද රාජ්‍ය නිලධාරීන් සඳහා වන භාෂා පුහුණු පාඨමාලාවේ අවසන් ප්‍රසංගය සහ සහතික පත්‍ර ප්‍රදානය 2022.01.13 දින පැවැත්විණි.

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ පූර්ණ මගපෙන්වීම හා උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම පාඨමාලාව සංවිධාන කරනු ලැබුවේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක ආලෝක බණ්ඩාර මහතා විසිනි.

පැය 150 දෙමළ භාෂා පාඨමාලාවේ අවසන් දින ප්‍රසංගය සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද දින ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතා,සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතා,රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා විද්‍යාගාර අධිකාරී ඒ.එල්.නලන්ත මහතා, පළාත් සම්බන්ධීකාරක මාධවී ගුණරත්න මහත්මිය, දිස්ත්‍රික් සම්බන්ධීකාරක එන්.එස්.මල්ලවාරච්චි මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර සමන්ති දසනායක මහත්මියගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි.

සහෝදර ආයතන වල නිලධාරීන් ද සමග රාජ්‍ය නිලධාරීන් 94 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.

kannadi1kannadi2kannadi3kannadi4

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි ප්‍රජාව සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් විශේෂ අක්ෂි සායන වැඩසටහනක් අද (2022.01.05)ආරම්භ විය.

මෙම වැඩසටහන සංවිධාන කළේ නිකවැරටිය රෝහල් කමිටුවයි.රෝහල් කමිටුවේ සභාපති ලෙස නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ මගපෙන්වීම් සහ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහ රෝහල් කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

කිරිඳිගල්ල , වාසිවැව,සියඹලෑව, දිවුල්ලෑගොඩ,දිවුල්ලෑව,රන්දෙනිගම සහ හල්මිල්ලෑව යන වසම්වල වැඩිහිටියන් 150 දෙනෙකු අද දිනයේදී වෛද්‍ය පරීක්ෂණවලට ලක් කෙරිණි.

සියඹලෑව ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබූ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකයේ සහ වසම්භාර නිලධාරීන්ගේ විශේෂ සහයෝගයක් හිමිවිය.

APP10APP4.pngAPP1 1APP2APP5APP6APP7APP9APP11APP12APP13

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය,කොබෙයිගනේ,කොටවෙහෙර හා රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් පුහුණු අභ්‍යාසලාභී පත්වීම්  ලබා සිටි නිලධාරීන් හට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ සහ වයඹ පළාත් සභාව යටතේ සංවර්ධන නිලධාරී පත්වීම් ප්‍රදානය 2022.01.10 දින සිදුකිරීම. ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් නිකවැරටිය ප්‍රාදේශීය සභා පොදු පහසුකම් ගොඩනැගිලි උත්සව ශාලාවේදී අද පැවැත්විණි.

2022 වසරේ රාජකාරි ආරම්භය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නිකවැරටිය

2022 12022 22022 32022 42022 52022 62022 72022 8

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top