sahithya1sahithya2sahithya3sahithya4

නිකවැරටිය ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2021/12/10 දින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත සංවිධාන කෙරිණි.

ප්‍රාදේශීය සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ වයඹ පළාත් සභාව විසින් සංවිධාන කළ "විසුල මිණි" සාහිත්‍ය තරඟාවලියට ප්‍රථම වරට ඉදිරිපත් වී නවකතා අත්පිටපත් තරඟයෙන් පළමු ස්ථානය ලබාගත් ඩී.එම්.ජයන්ත දිසානායක මහතා සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් එච්.එම්.නිශ්ශංක මහතා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරිණි.

මෙම සාහිත්‍ය තරඟාවලිය සංවිධාන කිරීමේදී නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලය විශාල දායකත්වයක් ලබාදුන් අතර කලා මහෝත්සවය සංවිධාන කිරීමේදී ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරී රෝහිණී සෝමලතා සහ සුභාෂිණි ප්‍රේමදාස මහත්මීන් ප්‍රමුඛත්වය ගත් අතර අනෙකුත් කාර්‍යාලයීය නිලධාරීන්ගෙන් හිමිවූ සහයෝගයද අගය කෙරිණි.

පුවත් සහ සිදුවීම්

13
අගෝ2026
ATHTHAMA PROGRAME

ATHTHAMA PROGRAME

Citizens' Mission for a Clean Country -...

14
පෙබ2025
2026 නිදහස් දිනය

2026 නිදහස් දිනය

78 වන අභිමානවත් නිදහස් දින සමරැ උළෙල...

Scroll To Top