නිකවැරටිය මාර්ගස්ථ සිතියම
ආයතන අංශය
ගිණුම් අංශය
(වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරිම)
වාහන ආදායම් බලපත්‍රයක් ලබාගැනිමට ඉදිරිපත් කලයුතු ලේඛණ මොනවාද?
- වාහනයේ ලි.ප සහතිකයේ මුල් පිටපත (ලීසිං වාහනයක් නම් අදාල සමාගම මගින් සහතික කල වාහනයේ ලි.ප සහතිකයේ පිටපත)
- වායු විමෝචන සහතිකය
- රක්ෂණ සහතිකය
- පෙර වර්ෂයේ ආදායම් බලපත්‍රය
නැතිවු ආදායම් බලපත්‍රයක් නැවත ලබාගැනිමට අවශ්‍ය ලේඛණ මොනවාද?
- වාහනයේ ලි.ප සහතිකයේ මුල් පිටපත
- රක්ෂණ සහතිකය
- ආදායම් බලපත්‍රය වලංගු දිනය දක්වා නැවත මුදල් ගෙවිය යුතුය
- නැතිවු බවට තහවුරු කිරිමට පොලිස් වාර්තාවක් ලබාගත යුතුය
ව්‍යාපාර නාම සහතික නිකුත්කිරිම
පලමු වරට ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරිමට අවශ්‍ය වන්නේ මොනවාද?
- ඉඩමේ ඔප්පුව (ග්‍රා.නි සහතික කල.)
- අවසාන පත්ඉරුව (ඉඩම් රෙජස්ට්රාර් කාර්යාලයෙන් ලබාගත්)
- ඉඩමේ හිමිකාරිත්වය නොමැති නම් ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය(ග්‍රා.නි සහතික කල)
- ප්‍රාදේශිය සභාවට මුදල් ගෙවා ලබාගත් ලදුපත
- ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව
- පරිසර වාර්තාව
- ජාතික හැඳුනුම්පතේ පිටපත (හිමිකරුගේ)
සමාජ සුබසාධන අංශය
ගැබිණි මවුවරුන් සඳහා ලබාදෙන රු.20000/= පෝෂණ දිමනාව ලබාගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉකුත්විමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් අයදුම්පතක් ලබා ගත හැකිය.
රාජ්‍ය නොවන සංවිධානයක් ලි.ප කරන්නේ කෙසේද?
- සංවිධානය ආරම්භ කර වසරක් ඉකුත්වීමෙන් පසුව අදාල ලේඛණ ඉදිරිපත් කිරීමෙන් පසු ලි.ප කලහැක
අළුතෙන් සමෘද්ධි ප්රතිලාභ ලබා ගත හැකිද?
දැනට අළුතෙන් සමාද්ධි ප්‍රතිලාභීන් තෝර නොගන්නා අතර ,අනාගතයේදි කටයුතු කිරිමට අභියාචනා භාරගනු ලැබේ.
රෙජිස්ට්‍රාර් අංශ්‍ය
උප්පැන්,මරණ,විවාහ සහතික පිටපත් ලබාගන්නේ කෙසේද?
-
ලියාපදිංචි සහතිකයේ අංකය දන්නේ නම් එක් පිටපතකට රු.100/=
-
ලියාපදිංචි සහතිකයේ අංකය නොදන්නේ නම් එක් පිටපතකට රු.200/=
උපතක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබාගත යුතුය
විශ්‍රාම වැටුප් අංශය
විශ්‍රාමිකයාගේ මරණයෙන් පසු විශ්‍රාම වැටුප නැවත සකස් කරගන්නේ කෙසේද?
- මරණ සහතිකය ලබාගෙන විශ්‍රාම වැටුප නතර කරන්න
- වැඩිපුර ගෙවිමක් සිදුවී ඇත්නම් ඒ බව බැංකුව මගින් තහවුරු කරගන්න
- වැන්දඹු සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පාස්පොතේ පිටපත
- වැන්දඹුවගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
- ග්‍රා.නි සහතික කල පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූප
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
-
ග්‍රාම නිළධාරි විසින් සහතික කල මේ සියළු ලේඛණ ලබාගැනීමෙන් පසු විශ්‍රාම වැටුප සකස්කර ගෙවිම් කල හැක
විශ්‍රාම වැටුප නතර කරන්නේ ඇයි?
- ප්‍රවර්තන වර්ෂය සඳහා ජිවිත සහතිකය ලබා නොදුන් විට.
- ජීවිත සහතිකය ලබාදුන් පසු විශ්‍රාම වැටුප ගෙවීම නැවත යාවත්කාලීන කරනු ලැබේ.
වැන්දඹුවගේ මරණින් පසු විශ්‍රාම වැටුප උරුමකරුවන් වෙත නොගෙවන්නේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.



















