





දෙමළ භාෂාව යනු අපිට ආගන්තුක දෙයක් නොවුණද විවිධ හේතූන් මත අපෙන් දුරස්වූවක්.වර්තමානයේ එය රාජ්‍ය නිලධාරීන්ට අනිවාර්ය කර තිබුණද භාෂාවට එහා ගොස් දෙමළ ජාතික සංස්කෘතිය සහ ඇවතුම් පැවතුම් පිළිබද අප ඉගෙන ගැනීම ශ්‍රී ලාංකේය ජාතියක් ගොඩනගන්නට යන ගමනේ අත්‍යවශය කරුණකි.
එම අරමුණ පෙරදැරි කර ගනිමින් නිකවැරටිය කලාපයේ විදුහල්පතිවරුන් ඉලක්ක කර ගනිමින් පැවැත්වූ පැය 200ක දෙමළ භාෂා පාඨමාලාවේ අවසන් දින වැඩසටහන සංස්කෘතිකාංග වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් 2021.12.01 දින පස්වරුවේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ඒ.පී.එස්.ජයමහ මහත්මිය සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතා මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පුහුණු නිලධාරී ජයසිංහ ඉරුගල්බණ්ඩාර මහතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ ජේ.එම්.එන්.ජයසුන්දර මහතා, ගණකාධිකාරී කල්‍යාණි ද සිල්වා මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක ආලෝක බණ්ඩාර මහතා මෙම භාෂා පුහුණු වැඩසටහන සංවිධාන කරනු ලැබූ අතර සම්පත්දායක මහත්ම මහත්මීන්ගෙන්ද ලැබුණේ නොමඳ සහයෝගයකි.



















