2024 ජනවාරි
2024.01.18 දින නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික අංශය මගින් කටගමුව සෞන්දර්ය සමාජයේ දරු දැරියන් සඳහා පවත්වන ලද ගොක් කලා පුහුණු වැඩසටහන.

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය සංස්කෘතික අංශය විසින් 2024.01.22 දින නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලද නාට්‍ය වැඩමුළුව...

2024.01.26 දින පැවති කටගමුව ළමා සමාජයේ සංස්කෘතික ප්‍රසංගය...

නිකවැරටිය සංස්කෘතික අංශය මගින් නිර්මාණය කරන ලද ළමා නාට්‍ය මුහරත් උළෙල 2024.01.29 දින නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පී.විජේරුප මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි..

2024 පෙබරවාරි
2024.02.06 "දේශාභිමානි ගී" වැඩසටහන

76 වන නිදහස් දින සමරු උත්සවයට සමගාමිව පවත්වන ලද ''දේශාභිමානි ගී දැහැන'' නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පි.විජේරුප මහත්මියගේ මග පෙන්විම මත 2024.02.06 දින කාර්යලයේ සියළුම අංශයන් ගේ එකමුතුවෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි අභිමානවත් අයුරින් පවත්වන ලදි.
2024.02.04 නිදහස් දින සැමරුම

76 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති නිදහස් දින සැමරුම සහ පැළ සිටුවීමේ උත්සවය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පී විජේරූප මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ හා අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.



















