




ප්‍රධාන ජීවනෝපාය ලෙස වී ගොවිතැන සිදු කරන ගොවි මහතුන්ගේ ගැටළු හඳුනා ගැනීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත විශේෂ සමීක්ෂණයක් අද (2021.10.12) දින නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 307 ඔළුපැලියාව හා 308 වදුරැස්ස ග්‍රාම නිලධාරී වසම් හි සිදු කරන ලදී.
කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ද මෙහි දී නිරීක්ෂණයට ලක් වූ අතර ගොවි ජනතාවගේ සත්‍ය ගැටළු අතිගරු ජනාධිපති තුමා වෙත වාර්තා කිරීම මෙම නිරීක්ෂණයේ අරමුණයි.
ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති සහකාර ලේකම් තාරකා සුමතිපාල මහත්මිය, ජනාධිපති සහකාර ලේකම් තිලිණි තුෂාරා මහත්මිය සහ ජනාධිපති සහකාර ලේකම් ප්‍රියංකා උඩගෙදර මහත්මිය සම්බන්ධ විය.
එහිදී පුරන් කුඹුරු අස්වද්දන ලද ගොවි මහතකු,දේශීය පාරම්පරික වී වගාව සිදු කරන ගොවි මහතකු,අහස් දියෙන් කුඹුරු ගොවිතැන සිදුකරනු ලබන ගොවි මහතකු,කාබනික වී වගාව සිදුකරනු ලබන ගොවි මහතකු,සාමාන්‍ය ගොවිතැන හා මහා පරිමාණ ලෙස වී ගොවිතැන සිදු කරන ගොවි මහතුන් දෙදෙනෙකු වශයෙන් ගොවීන් 06 දෙනෙකු සමඟ ගැටළු සාකච්ඡාකරන ලදී.
අදාල ගොවි මහතුන් හඳුනා ගැනීම සඳහා වසම භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සම්පත් ජයසුන්දර මහතා පූර්ණ සහයෝගය දක්වන ලදී.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් පැවති මෙම සමීක්ෂණය සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතා, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී නාලිකා බණ්ඩාර මහත්මිය හා වසම් භාර ග්‍රාම නිලධාරී සාලින්ද පතිරණ මහතා ද සහභාගි විය.



















