




74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීම අනුව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිදහස් දින සැමරුම් උත්සවය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2022.02.04 පෙරවරුවේ පැවැත්විණි.
පෙරවරු 08:19 ට යෙදුනු සුබ මොහොතින් ජාතික ධජය එසවීම සිදුවුණු අතර නිදහස් දිනය නිමිත්තෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි පැළ දස ලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ද නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොට්ඨාසයේ සියලුම සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි අද පෙරවරුවේ සිදුකෙරුණි
මෙහි ප්‍රධාන උත්සවය ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වාසිවැව කිරිඳිගල්ල වැව දෙපස හා වාසිවැව පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. නිකවැරටිය මහව මාර්ගය දෙපස පැළ රෝපණය කිරීම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගලපිටියාගම විමලධම්ම අනුනායක හිමියන්ගේ වැඩමවීමෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහ වසම් භාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කරකොළේ ග්‍රාම නිලධාරී වසමේදී සිදු කෙරිණි
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම සියලුම පැල ආරක්ෂා කර ගැනීම සඳහා සමෘද්ධි ලාභීන්ගේ සමෘද්ධිලාභීන් ගේ දායකත්වයෙන් නිසි වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.
තවද සියළුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි රුක් රෝපණ හා ශ්‍රමදාන වැඩසටහන් වසම්භාර නිලධාරීන්ගේ හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ හා මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.



















