





නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පුරා දින 19 ක් කාලයක් තුල පවත්වන ලද රාජ්‍ය නිලධාරීන් සඳහා වන භාෂා පුහුණු පාඨමාලාවේ අවසන් ප්‍රසංගය සහ සහතික පත්‍ර ප්‍රදානය 2022.01.13 දින පැවැත්විණි.
නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ පූර්ණ මගපෙන්වීම හා උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම පාඨමාලාව සංවිධාන කරනු ලැබුවේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක ආලෝක බණ්ඩාර මහතා විසිනි.
පැය 150 දෙමළ භාෂා පාඨමාලාවේ අවසන් දින ප්‍රසංගය සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද දින ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතා,සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතා,රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා විද්‍යාගාර අධිකාරී ඒ.එල්.නලන්ත මහතා, පළාත් සම්බන්ධීකාරක මාධවී ගුණරත්න මහත්මිය, දිස්ත්‍රික් සම්බන්ධීකාරක එන්.එස්.මල්ලවාරච්චි මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර සමන්ති දසනායක මහත්මියගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි.
සහෝදර ආයතන වල නිලධාරීන් ද සමග රාජ්‍ය නිලධාරීන් 94 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.



















