



නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි ප්‍රජාව සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් විශේෂ අක්ෂි සායන වැඩසටහනක් අද (2022.01.05)ආරම්භ විය.
මෙම වැඩසටහන සංවිධාන කළේ නිකවැරටිය රෝහල් කමිටුවයි.රෝහල් කමිටුවේ සභාපති ලෙස නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ මගපෙන්වීම් සහ උපදෙස් පරිදි සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහ රෝහල් කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
කිරිඳිගල්ල , වාසිවැව,සියඹලෑව, දිවුල්ලෑගොඩ,දිවුල්ලෑව,රන්දෙනිගම සහ හල්මිල්ලෑව යන වසම්වල වැඩිහිටියන් 150 දෙනෙකු අද දිනයේදී වෛද්‍ය පරීක්ෂණවලට ලක් කෙරිණි.
සියඹලෑව ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබූ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකයේ සහ වසම්භාර නිලධාරීන්ගේ විශේෂ සහයෝගයක් හිමිවිය.



















