ජාතික හැඳුනුම්පත් ලබාගැනීම
පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම

ලියාපදිංචි විම සඳහා යටත් වන පුද්ගලයන්
පහත 1 සිට 6 දක්වා වගන්ති වලින් විස්තර කරනු ලබන තැනැත්තන් ලියාපදිංචි වීම සඳහා යටත් නොවන අතර ඒ සඳහා හිමිකම් නොලබයි.
- 1948 අංක 20 දරන ආගාමික හෝ විගාමික පනත යටතේ තමාට ප්රදානය කරනු ලැබූ වලංගු වීසා බලපත්‍රයක් හෝ පිටසන් කිරීමක් දරන තැනැත්තකු
- ආගාමික හෝ විගාමික පනතේ 2(1) වගන්තිය යටතේ කරන ලද නියමයක් / නියමයන් ප්‍රකාර එම පනතේ III කොටස ක්‍රියාත්මක වීමෙන් නිදහස් කරනු ලැබූ තැනැත්තකු
- 1967 අංක14 දරණ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැගීමේ පනත යටතේ නිකුත් කළ වලංගු පදිංචි වීමේ අවසර පත්‍රයක් දරන තැනැත්තකු
- ආගාමික හෝ විගාමික පනතේ 10 වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් 1971.04.05 දිනට පෙර හෝ එදින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටින හෝ ඇතුළු වන තැනැත්තකු
- ආගාමික හෝ විගාමික පනතේ 15 වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් 1971.04.05 දින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවෙහි නැවතී සිටින තැනැත්තකු
- 1967 අංක 14 දරණ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැගීමේ පනතේ 15 වගන්තිය යටතේ ලංකාවෙන් ඉන්දියාවට ගෙන යනු ලැබීමට යටත් තැනැත්තකු
එවැනි තැනැත්තකු නොවන 1971.04.05 දින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවෙහි සිටින හෝ ශ්‍රී ලංකාවට ඇතුළු වන සහ වයස අවුරුදු 15 සම්පූර්ණ කළ හෝ කරන සෑම තැනැත්තකුම ලියාපදිංචි කිරීමට යටත් වේ.
ලියාපදිංචි විම සඳහා ඉල්ලුම් කළ යුතු උවිත කාලය සහ හිමිකම් සහිත වයස
- 1971.04.05 දින හෝ ඊට පසුව ලංකාවට ඇතුළු වන්නා වූ ද පනත යටතේ ලියාපදිංචි වීමට යටත් වන්නාවූ ද තැනැත්තකු විසින් ඔහු දිවයිනට ඇතුළු වූ දින සිට මාස හයක් ඇතුළත
- පනතේ 2 (2) වැනි වගන්තිය අනුව ලියාපදිංචි වීමට යටත් නොවන්නා වූද, අනතුරුව එසේ ලියාපදිංචි වීමට යටත් වන්නා වූද, තැනැත්තකු විසින් එසේ ලියාපදිංචි වීමට යටත්වන්නා වූ දින සිට මාස හයක් ඇතුළත
- 1981 පෙබරවාරි 27 දිනට පසු වයස අවුරුදු පහළව සම්පූර්ණ වන්නා වූද, පනත යටතේ ලියාපදිංචි වීමට යටත්වන්නා වූද, සෑම තැනැත්තකු විසින්ම තමාට වයස අවුරුදු පහළව සම්පූර්ණ වූ දින සිට එක් අවුරුද්දක් ඇතුළත.
ලියාපදිංචි වී මුල් වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ/හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන වල ඡායා පිටපත්(ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
- උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහනක්
හෝ
- අනුමාන වයස් සහතිකය සමඟ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු තරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත )
- පුරවැසි සහතිකය
වයස අවුරුදු40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගතහැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත )
- නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත
වෘත්තිය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන
- රාජ්‍ය අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත
- පෞද්ගලික අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත
- වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, වරලත් ගණකාධිකාරී සහ ගෘහ නිර්මාණ ශිල්පී තනතුරු ඇතුළත් කිරීම සඳහා උපාධි සහතිය මෙන්ම වෘත්තීය සහතික
- විශ්‍රාමික තනතුර ඇතුළත් කිරීම සඳහා විශ්‍රාමික ලිපිය / විශ්‍රාමික කාඩ්පත
- ව්‍යාපාරිකයකු නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
- පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබා ගත් සහතික
- ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සඳහා - විවාහ සහතිකය.
- ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය. [ආකෘතිය බලන්න]
- ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය. (ලින්ක් කරන්න)
- අඟල් 1 3 / 8 x 7 / 8 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3 ක් ඉදිරිපත් කළ යුතුය. පසුබිම් වර්ණය අහස් නිල (Sky Blue)
-
- මුද්දර ගාස්තු : රු 3.00
- උචිත නියමිත කාල සීමාව(ලින්ක් කරන්න) තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවන්, ඉල්ලුම් කිරීම ප්‍රමාද වීමට හේතු සඳහන් කොට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කර කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කල යුතු ...............................(අංකය) දරණ ආකෘතිය. (ලින්ක් කරන්න)
- ඉල්ලුම්පත සහතික කිරීම:
- ග්‍රාම නිලධාරී (ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ)
- පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති.
- වතු පදිංචිකරුවකු නම් වතු අධිකාරී.
- විශේෂ අවශ්‍යතා හා කාරනා වලදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් බලය පවරන ලද සහතික කිරීමේ නිලධරයන්
හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළව සම්පූර්ණ කළ ඉල්ලුම්පත් භාරදීම- සාමාන්‍ය සේවය :
- ඉල්ලුම්පත සහතික කළ නිළධාරියාට
- එක්දින සේවය :
- අදාල නිළධාරියකු සහතික කිරීමෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවා අංශයට
- පලමු වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනිම සඳහා
[බාගත කරන්න]
නැතිවු හැඳුනුම්පතක් ලබාගැනීම

නැති වූ හැඳුනුම්පතක් සඳහා දෙවන පිටපතක් ලබා ගැනීම
සැ:යු: නැති වූ හැඳුනුම්පතක් වෙනුවට දෙවන පිටපතක් ලබා ගන්නා තැනැත්තන් යම් හෙයකින් එය ලබාගත් පසු තම නැති වූ හැඳුනුම්පත නැවත තමා වෙත ලැබුනහොත් හෝ සොයාගත හොත් වහාම එය කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දීම සඳහා කටයුතු කළ යුතුය.
නැති වූ හැඳුනුම්පතක් වෙනුවට දෙවන පිටපතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
2014/09/01 දිනෙන් පසු නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් නිකුත් කිරීමේදී උප්පැන්න සහතිකයට අදාල තොරතුරු වල වෙනසක් සිදුවී නොමැති නම්, නැවත උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. එහෙත් එවැනි තැනැත්තෙකු විසින් හැදුනුම්පතට තනතුර ඇතුළත් කිරීමට කරනු ලබන ඉල්ලීම් සදහා තනතුර සනාථ කිරීම සදහා අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කල යුතු වේ. එසේම, පුරවැසිභාවය, ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම, පැවිදි උපැවිදි වීම, විවාහ විම, ආදී වෙනස් වීම් සිදුව ඇත්නම් ඒ සඳහා අදාල ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.
2014/09/01 දිනට පෙර නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් නිකුත් කිරීමේදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුවේ.
පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන (ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
- උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහන
හෝ
- අනුමාන වයස් සහතිකය සමඟ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු තරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයක් )
- පුරවැසි සහතිකය (ලින්ක් කරන්න)
වයස අවුරුදු 40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගතහැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත )
- නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක් (ආකෘතිය ලින්ක් කරන්න)
වෘත්තිය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන
- රාජ්‍ය අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපිය
- පෞද්ගලික අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපිය
- වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, වරලත් ගණකාධිකාරී සහ ගෘහ නිර්මාණ ශිල්පී තනතුරු ඇතුළත් කිරීම සඳහා උපාධි සහතිය මෙන්ම වෘත්තීය සහතික
- විශ්‍රාමික තනතුර ඇතුළත් කිරීම සඳහා විශ්‍රාමික ලිපිය / විශ්‍රාමික කාඩ්පත
- ව්‍යාපාරිකයකු නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
- පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබා ගත් සහතික
- ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සඳහා - විවාහ සහතිකය.
- ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කළ ඡායා පිටපත. (ලින්ක් කරන්න)
- ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කළ ඡායා පිටපත. (ලින්ක් කරන්න)
- අඟල් 1 3 / 8 x 7 / 8 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3 ක් ඉදිරිපත් කළ යුතුය. පසුබිම් වර්ණය අහස් නිල (Sky Blue)
-
- මුද්දර ගාස්තු : රු 15.00
- උචිත නියමිත කාල සීමාව(ලින්ක් කරන්න) තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවන්, ඉල්ලුම් කිරීම ප්‍රමාද වීමට හේතු සඳහන් කොට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කර කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කල යුතු ...............................(අංකය) දරණ ආකෘතිය. (ලින්ක් කරන්න)
- ඉල්ලුම්පත සහතික කිරීම:
- ග්‍රාම නිලධාරී (ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ)
- වතු පදිංචිකරුවකු නම් වතු අධිකාරී.
හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළව සම්පූර්ණ කළ ඉල්ලුම්පත් භාරදීම- සාමාන්‍ය සේවය :
- ඉල්ලුම්පත සහතික කළ නිළධාරියාට
- එක්දින සේවය :
- අදාල නිළධාරියකු සහතික කිරීමෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවා අංශයට
උපත්,මරණ හා විවාහ
රෙජිස්ට්‍රාර් අංශය
අපගේ සේවාවන්
1.උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම
2.පසුගිය උපත්, මරණ ලියාපදිංචිය
3.උප්පැන්න සහතිකය, මරණ සහතික සංශෝධනය කිරීම
4.විවාහ ලියාපදිංචි කිරීම
5.උඩරට විවාහ දික්කසාද කිරිම
උප්පැන්න/විවාහ/මරණ සහතික නිකුත් කිරීමේ ගාස්තු
1.ලියාපදිංචි අංකයක් සහිත එක් සහතිකයක් නිකුත් කිරීම සඳහා රු.100.00
2.ලියාපදිංචි අංකයක් නොමැතිව එක් සහතිකයක් නිකුත් කිරීම සඳහා 200.00
3.සංශෝධන ගාස්තුව රු. 50.00 කි
- මරණ සහතික අයදුම්පත්‍රය
[අයදුම්පත] - උප්පැන්න සහතික අයදුම්පත්‍රය
- [අයදුම්පත]
- විවාහ සහතික අයදුම්පත්‍රය
- [අයදුම්පත ]
උපන්දිනය /උපන් ස්ථානය/ස්ත්‍රී පුරුෂ බව සංශෝධනය කිරීමට අදාල ලියවිලි
- ප්‍රකාශ පත්‍රය (B 61)
- අදාල උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- දෙමාපියන්ගේ විවාහ සහතිකය
- උපත සිදුවු රෝහලෙන් ලබාගත් ලිපිය
- දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන්පත
- ග්‍රාම නිළධාරි වාර්තාව
උප්පැන්න සහතිකයක පියාගේ/මවගේ/තොරතුරු ,විවාහක අවිවාහක බව ,මුත්තාගේ තොරතුරු වෙනස්කිරීම (4,6,7 තීර)
- සංශෝධනයට අවශ්‍ය උප්පැන්න සහතිකය
- පියා/මවගේ උප්පැන්න සහතිකය
- විවාහ සහතිකය
- ග්‍රාම නිළධාරි ලිපිය
- දිවුරුම් ප්‍රකාශය
කල්ගිය උපතක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි
- 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශ පත්‍රය
- දිවුරුම් ප්‍රකාශය (ඇමුණුම 01)
- පියාගේ ප්‍රකාශය (ඇමුණුම 02)
- මවගේ ප්‍රකාශය (ඇමුණුම 03)
- ග්‍රාම නිළධාරි වාර්තාව (ඇමුණුම 03)
- දෙමාපියන්ගේ විවාහ සහතිකය
- හිස් ප්‍රතිඵල ලේඛනය
- උපත සිදුවු රෝහලෙන් ලබාගත් ලිපිය
- මවගේ උප්පැන්න සහතිකය (මුල් පිටපත)
- පියාගේ උප්පැන්න සහතිකය (මුල් පිටපත)
- පියාගේ හැඳුනුම්පත
- මවගේ හැඳුනුම්පත
- දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන්පත
කල්ගිය මරණයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි
- ප්‍රකාශ පත්‍රය (B 15)
- රෝහල් මරණ ප්‍රකාශයක් හෝ ග්‍රාම නිළධාරි මරණ වාර්තාව
- ශෝක ප්‍රකාශයක් හෝ මරණ දැන්විමක්
- ග්‍රාම නිළධාරි වාර්තාව
- අවසන් කටයුතු සිදුකරන ලද ආගමික ස්ථානයෙන් ලබාගත් ලිපියක්
- අවමංගල්‍යාධාර සමිතියේ ලේකම්ගෙන් ලබාගත් ලිපියක්
- ප්‍රකාශක හා මියගිය අය අතර ඥාතීත්වය තහවුරු කලහැකි ලියවිල්ලක්
උප්පැන්න සහතිකයක නම වෙනස්කිරිම (2 තීරය)
- ප්‍රකාශ පත්‍රය
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රාම නිළධාරි වාර්තාව
- පුවත්පත් දැන්විම (අවු.21ට වැඩි අය සඳහා අත්‍යවශ්‍ය වේ)
- සංශෝධනය ඉල්ලා සිටින උප්පැන්න සහතිකය (මුල් පිටපත)
- සංශෝධනය ඉල්ලා සිටින නම සඳහන් වසරකට වඩා පැරණි පිළිගත හැකි ලිඛිත සාක්ෂි (අවම වශයෙන් 04)
- දෙමාපියන්ගේ විවාහ සහතිකය (මුල් පිටපත)
- අවු,21ට අඩුනම් මව,පියා දෙදෙනාගේම ඉල්ලීම් ලිපි



















