
ප්‍රසම්පාදනය යනු රාජ්‍ය ආයතන විසින් මහජන මුදලින් හෝ ණය ප්‍රධාන,පරිත්‍යාග හෝ වෙනත් සමාන ලැබීම් මගින් භාණ්ඩ ,සේවා හෝ වැඩ ඉතාමත් සුදුසු ලෙස සම්පාදනය කිරීමයි.
ප්‍රසම්පාදනයේ ප්‍රධාන පියවරයන්
- ප්‍රසම්පාදනය සැලසුම් කිරීම
- ප්‍රසම්පාදන ලේඛන පිළියෙල කිරීම
- ලංසු කැඳවීම් හා ලංසු භාරගැනීම් ක්‍රියාවලිය
- ලංසු ඇගයීම
- කොන්ත්‍රාත් ප්‍රධානය හා පරිපාලනය
ප්‍රසම්පාදන පියවර
- මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම
- ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම
- අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම(ලි.ප සැපයුම්කරුවන් වෙත)
- අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම (අවම වශයෙන් 05ක් වත්)
- එම සැපයුම්කරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම
- ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම
- ලැබී ඇති මිල කැඳවුම් ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම
- ඇගයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම
- අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම
- කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම
- අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරීම



















