නිකවැරටිය මූලික රෝහලේ ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයට විසඳුම් සෙවීමේ අරමුණින් සංවිධාන කළ විශේෂ සාකච්ඡාවක් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණි. නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පී.විජේරූප මහත්මියගේ ප්‍රධානත්වයෙන්, නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි පමිල් මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සංවිධාන කෙරුණේ හිටපු ප්‍රාදේශීය ලේකම් සහ වත්මන් අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් ජයසුන්දර මහතාගේ උපදෙස් අනුවයි.
මෙම සාකච්ඡාවට නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්වේච්ඡා සමිති හා සංවිධාන නියෝජිත මහත්ම මහත්මීන් සම්බන්ධ කරවා ගත් අතර හැකි උපරිම දායකත්වය ලබා දීමට එම නියෝජිත මහත්ම මහත්මීන් එකඟ විණි.
මේ වනවිට නිකවැරටිය මූලික රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින අතර රෝගී ජීවිත දැඩි අවධානමක පවතින බැවින් පරිත්‍යාගශීලීන්ගේ උපකාර තවදුරටත් අපේක්ෂා කරන බව ප්‍රාදේශීය ලේකම්තුමිය මෙහිදී සඳහන් කරනු ලැබීය.



















