

ඉඩම් අංශය
අපගේ සේවාවන්
-
1.ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කර බලපත්‍ර ලබාදීම
2.ඉඩම් බලපත්‍ර සංශෝධනය හා අවලංගු කිරීම
3.බලපත්‍ර ඉඩම් සඳහා දීමනාපත්‍ර සැකසීම
4.දීමනාපත්‍ර ඉඩම් පැවරීමේ කටයුතු
5.e-slim වැඩසටහන මගින් දිමනා පත්‍ර සකස්කර ප්‍රතිලාභීන් අතට පත්කිරීම
6.මුල් උරුමය සහතික කිරීම
7.දීමනාපත්‍රයක,බලපත්‍රයක අනප්‍රාප්තිය නම්කිරීම හා අවලංගු කිරීම
8.රජයේ ඉඩම් ආඥාපනත යටතේ දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීම
9.පූජාභූමි සඳහා දීමනාපත්‍ර සැකසීම
නව දිමනා පත්‍ර සකස්කිරීම
- ඉල්ලුම්කරුගේ ඉඩමේ බලපත්‍රය පරීක්ෂා කිරීම.
- ඒ අනුව මිනින්දෝරු අධිකාරි මගින් මැනුම් කටයුතු කරවාගැනීම.
- පිඹුරුපත් සකස්කරවා ගැනීම.
- පිඹුරුපත් අනුව මිනින්දෝරු අධිකාරි වෙතින් රේඛා චිත්‍ර ගෙන්වාගැනීම.
- 1 ආකෘතියට අනුව ක්ෂේත්‍ර උපදේශක හා ග්‍රාම නිළධාරි මගින් තොරතුරු ලබාගැනීම.
- ප්‍රාදේශීය ලේකම් ගේ අනුමැතිය ලබාගැනීම.
- ඉ.කො. 156 යතුරු ලියනය කිරීම/පරීක්ෂා කිරීම.
- රේඛා චිත්‍ර සමග ප්‍රාදේශීය ලේකම් ගේ සහතිකය පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම.
- ගරු ජනාධිපති ගේ අත්සන් ලද දීමනා පත්‍ර පළාත් ඉඩම් කොමසාරිස් ගෙන් ලබාගැනීම.
- සේවා ගාස්තු අයකිරීම.
- ලියාපදිංචිය සඳහා නැවත ඉදිරිපත් කිරීම.
- ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යැවීම.
- ලියාපදිංචි වී පැමිණි පසු අනන්‍යතාවය තහවුරු කර දීමනා පත්‍රයේ පිටපතක් කාර්යාලයේ රඳවාගෙන දීමනාපත්‍ර අයිතිකරුට භාරදීම.
අනුප්‍රාප්තිය පැවරීම
- දීමනාපත්‍රයේ සහතික කල පිටපතක් හා දීමනාපත්‍රය
- ඉ.කො. 155 ආකෘතිය පිටපත් 03ක් සම්පූර්ණ කරන්න
- රු.5.00 ක මුද්දරයක්
- ඉඩමේ වර්තමාන අයිතිය තහවුරු කරගැනීම සඳහා දින 14ක් ඇතුලත ලබාගත් පත්ඉරුව
- ඥාතීත්වය තහවුරු කරගැනීමට ලියකියවිලි (උප්පැන්න සහතිකය,විවාහ සහතිකය)
- ක්ෂේත්‍ර නිළධාරි දිමනාපත්‍රකරුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන පරීක්ෂා කල බවට නිර්දේශ කල යුතුය.
- දීමනාපත්‍රකරු අදාල ග්‍රාම නිළධාරි ඉදිරිපිට තම පුරුදු අත්සන තැබිය යුතුය
- අදාල නිළධාරි අත්සන් තබා නිල මුද්‍රාව තැබීමෙන් පසු ලියාපදිංචියට ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යවිය යුතුය.
- ලියාපදිංචි වී පැමිණි පසු එක් පිටපතක් කාර්යාලයේ දීමනාපත්‍ර ගොනුවේ තබාගෙන අනෙක් පිටපත අනන්‍යතාවය තහවුරු කරගෙන දීමනාපත්‍රකරුට භාරදිය යුතුය
දීමනාපත්‍ර සංශෝධනය (නම නිවැරදි කිරීම)
- නිවැරදි නම තහවුරු කරගැනීමට දිවුරුම් ප්‍රකාශයක්
- ග්‍රාම නිළධාරි වාර්තාවක්
- උප්පැන්න සහතිකය
- දීමනා පත්‍රයේ ඡායා පිටපතක්
- අදාල ආකෘතිය සම්පූර්ණ කර මාණ්ඩලික නිළධාරි අත්සන් තැබීමෙන් පසු රු. 5.00ක මුද්දරයක් ගසා ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යැවීම
- ලියාපදිංචි වී පැමිණි පසු එක් පිටපතක් කාර්යාලයේ දීමනාපත්‍ර ගොනුවේ තබාගෙන අනෙක් පිටපත අනන්‍යතාවය තහවුරු කරගෙන දීමනාපත්‍රකරුට භාරදිය යුතුය
දීමනාපත්‍රකරු මියගිය පසු උරුමකරුට පැවරීම
- දිමනාපත්‍රය හා එහි සහතික කල පිටපතක් ලබාගන්න
- පැවරුම්කරුගේ ඉල්ලීම හා ග්‍රාම නිළධාරි සහතිකය
- දීමනාපත්‍රකරුගේ මරණ සහතිකය
- දින 14ක් ඇතුලත ලබාගත් පත්ඉරුව
- ඥාතීත්වය තහවුරු කිරීමේ ලේඛණය (උප්පැන්න සහතිකය/මරණ සහතිකය)
- රු. 5.00ක මුද්දරයක්
- අදාල අය කාර්යාලයට කැඳවා ඉහත ලිපි පරීක්ෂා කර ක්ෂේත්‍ර නිළධාරි වාර්තාව අනුමැතිය සඳහා මාණ්ඩලික නිළධාරි වෙත ඉදිරිපත් කිරීම
- අනුමැතිය ලද පසු අදාල ආකෘතිය සම්පුර්ණ කර රු.5.00ක මුද්දරයක් ගසා පිටපත් 03ක් ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත යැවීම
- ලියාපදිංචි වී පැමිණි පසු එක් පිටපතක් කාර්යාලයේ දීමනාපත්‍ර ගොනුවේ තබාගෙන අනෙක් පිටපත අනන්‍යතාවය තහවුරු කරගෙන දීමනාපත්‍රකරුට භාරදිය යුතුය
අනුමත බැංකු මුල්‍ය ආයතන වලට ඉඩම් ඔප්පු ඇපයට තැබීමට අවසර ඉල්ලීම
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිළධාරි වාර්තාව
- දීමනා පත්‍රයේ මුල් පිටපත සමග සහතික කල පිටපත
- දින 14 ක් ඇතුලත ලබාගත් පත්ඉරුව
- ඉහත ලේඛණ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- අනුමැතිය ලැබීමෙන් පසු අවසර පත්‍රය සම්පූර්ණ කිරීම
- අත්සන සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යැවීම
- අදාල පුද්ගලයාට අවසර පත්‍රය ලබාදීම
දැව ව්‍යාපාර ලියාපදිංචි කිරීම
- දිසාවන නිළධාරි කාර්යාලයෙන් නිකුත්කල අයදුම්පතේ පිටපත් 02ක්
- ඉඩම් අයිතිය සනාථ කිරීමේ ලියකියවිලි (ඔප්පු/දීමනා පත්‍ර/බදුකර යනාදියේ ග්‍රාම නිළධාරි සහතික කල පිටපත්)
- පාරිසරික බලපත්‍ර
දැව ප්‍රවාහන බලපත්‍රයක් ලබාගැනිම සඳහා අවශ්‍ය ලේඛන
- අයදුම්කරුගේ ඉල්ලිම් ලිපිය
- නිසිලෙස සම්පුර්ණ කරන ලද මෙම අයදුම්පත්‍රය (අඩවි වන නිළධාරි නිර්දේශයද සමග)
- දිමනා පත්‍රයේ සහතික කරන ලද පිටපත
- පිඹුර(මැනුම් ජාලයට ඇතුලත් කර බලයලත් මිනින්දෝරුවරයෙකු විසින් සකස් කරන ලද)
- පත්ඉරු සටහන
- දැව ලැයිස්තු
- ඉල්ලුම්කරුගේ දැව ලැයිස්තුව
- ග්‍රාම නිළධාරිගේ දැව ලැයිස්තුව
- අඩවි වන නිළධාරිගේ දැව ලැයිස්තුව
- දැව මිලදි ගත්තේ නම් කුවිතාන්සිය
- ඉඩමට යන මාර්ගය ඇතුලත් දල සටහන
- නොබෙදු හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි
දැව හෙලීමේ බලපත්‍රයක් ලබාගැනිම සඳහා අවශ්‍ය ලේඛන
- අයදුම්කරුගේ ඉල්ලිම් ලිපිය
- නිසිලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දිමනා පත්‍රයේ සහතික කරන ලද පිටපත
- පිඹුර (මැනුම් ජාලයට ඇතුලත් කර බලයලත් මිනින්දෝරුවරයෙකු විසින් සකස් කරන ලද)
- පත්ඉරු සටහන
- හෙලිමට අපේක්ෂිත ගස්වල පිහිටිම සලකණු කරන ලද දල සටහන
- ඉඩමට යන මාර්ගය අතුලත් දල සටහන
- නොබෙදු හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශත ලිපි
වාර්ෂික උකස් බලපත්‍ර අළුත් කිරීම
- උකස් බලපත්‍ර හිමියාගේ ඉල්ලීම් ලිපිය
- වාර්ෂිකව අළුත්කරන ලද රක්ෂණ පිලිබඳ සහතික වල පිටපත
අයදුම්පත්‍ර
- දීමනාපත්‍රයේ මුල් උරුමය ඉල්ලිම
- [අයදුම්පත බලන්න]
- දැව හෙලීමේ බලපත්‍රය
- [අයදුම්පත බලන්න]
- දැව ප්‍රවාහන බලපත්‍රය
- [අයදුම්පත බලන්න]



















