දැක්ම
දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ජනතාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත්වීම"සමෘද්ධි අංශයෙන් කෙරෙන සේවා
1. සමෘද්ධි සහනාධාරය ලබාගැනීම
- අභියාචනා ලිපිය සමග සහනාධාර ඉල්ලීම් ලිපිය ප්‍රාදේශිය ලේකම් වෙත යොමුකිරීම
- සමෘද්ධි සංවර්ධන නිළධාරි ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර ග්‍රාමීය කමිටුවට ඉදිරිපත් කිරීම
- ග්‍රාමීය කමිටු නිර්දේශය ප්‍රාදේශිය ලේකම් වෙත යොමුකිරීම
- ප්‍රාදේශීය කමිටුව මගින් වසම් මට්ටමින් පවුලේ සංඛ්‍යාව/ආදායම මට්ටම සලකා ප්‍රමුඛතා ගතකිරීම
- ප්‍රාදේශීය ලේකම්,දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම
- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සහනාධාර සහතික පත්‍ර ලියා ප්‍රාදේශීය ලේකම් වෙත යොමුකිරීම
- ප්‍රාදේශීය ලේකම් වටිනාකම් අනුව උපරිම වාර්තා අනුව මුදල් ප්‍රතිපාදන ඉල්ලීම
- සමෘද්ධි බැංකු වෙත මුදල් ප්‍රේෂණය කිරීම
- සමෘද්ධි බැංකුව මගින් ප්‍රතිලාභී ගිණුම් වලට මුදල් බැරකර ගෙවීම් කිරීම
2. අනිවාර්ය ඉතුරුම් මුදල් ගෙවීම
- ප්‍රතිලාභී ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කිරීම
- සමෘද්ධි සංවර්ධන නිළධාරි/කළමණාකරු/මුලස්ථාන කලමණාකරු ගේ නිර්දේශයෙන් ප්‍රාදේශීය ලේකම් ගේ අනුමැතිය ලබාගැනීම
- රු.25000/= ට අඩු ඉල්ලීම් ලිපි සමෘද්ධි බැංකු කළමණාකරුගේ අනුමැතියෙන් ගෙවීම
- රු.25000/= ට වැඩි ඉල්ලීම් ලිපි ප්‍රාදේශීය ලේකම් අනුමැතියෙන් සමෘද්ධි බැංකු මගින් ගෙවීම
ගෙවීම් අවස්ථා
- දරුවෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා (සනාථ ලිපිය ඉදිරිපත් කරන්න)
- ප්‍රතිලාභියා වයස අවුරුදු 70 ඉක්මවු විට
- ප්‍රතිලාභියා/කලත්‍රයා/දරුවන්ගේ විශේෂ අසනිප සඳහා (වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතුය)
- ස්වයං රැකියාවක් සඳහා
3. සමාජ ආරක්ෂණ වන්දි ගෙවීම
- මරණ වන්දිය රු.15000/=
- ප්‍රතිලාභියා/කලත්‍රයා/අවිවාහක දරුවන්/මවට/පියාට ගෙවීම් කරනු ලැබේ.
- අවශ්‍ය තහවුරු ලිපිය (මරණ සහතිකය/ග්‍රාම නිළධාරි වාර්තාව/බිරිඳ-සැමියා තහවුරු කිරීමට විවාහ සහතිකය/දරුවෙකු නම් උප්පැන්න සහතිකය)
4. විවාහ ගෙවීම්
- ගෙවිම රු.7500/=
- අයදුම්පත්‍රය
- දරුවාගේ විවාහ සහතිකය
- දරුවාගේ උප්පැන්න සහතිකය
5. දරු උපතක් සඳහා
- අයදුම්පත්‍රය
- උප්පැන්න සහතිකය/ගර්භනී දරු උපත් විස්තරය
- විවාහ සහතිකය
6.රෝහල් ගතවීම් සඳහා
- දිනකට රු.250/= බැගින් වසරකට දින 30ක් ගෙවනු ලැබේ.
- ඉල්ලුම්පත්‍රය
- වෛද්‍ය වාර්තාව (රජයේ රෝහලක/ආයුර්වේද රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතුය)
2019 මාර්තු විශේෂ වැඩසටහන්
විශේෂ වැඩසටහන් 2019 මාර්තු මාසය
ප්‍රජා පුහුණුකරුවන් මගින් ප්‍රජාමුල සමිති නිළධාරින් (භාණ්ඩාගාරික/සභාපති/ලේකම්/ගණන්පරීක්ෂක වරුන්) දැනුවත් කිරීම
- 2019.03.05 හැවැන්පැලැස්ස කලාපය (තලාකොලහේන පංසල) පෙ.ව 9.00 - ප.ව 2.00
- 2019.03.11 ඉහකොලගම කලාපය (දනිකිතව ප්‍රජාශාලාව) පෙ.ව 9.00 - ප.ව 2.00
- 2019.03.18 නිකවැරටිය කලාපය (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකවැරටිය) පෙ.ව 10.00 - ප.ව 2.00



















