



නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව සංවිධාන කළ SED අලෙවි පියස ප්‍රාදේශීය ලේකමි කාර්යාල භුමියේදී පැවැත්විණි. නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සංවිධාන කරනු ලැබූ අතර කොටිඨාසයේ කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයින් 15 දෙනෙකුගේ භාණ්ඩ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මෙහිදී අවස්ථාව ලබා දෙනු ලැබිණි
.



















