




සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කල ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රේණුකා පි.විජේරුප මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්‍යාලයේ දී පැවැත්විණි.
ඒ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් සිසුන්ගේ, කලාකරුවන්ගේ සහභාගීත්වයෙනි.
එහිදි ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ වලින් ජයග්‍රහණය කල පාසල් සිසුන් හා කලාකරුවන් වෙත ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.
‘’උරුමය රකිමු “ මැයෙන් වු ප්‍රධාන සාහිත්‍ය දේශනය නුර්ති,නාඩගම්,කෝලම්,ශාන්තිකර්ම සහ සරල ගි ආශ්‍රයෙන් විශේෂාංග සහිතව වර්තමාන සිංහබාහු නාට්‍යයේ සිංහයාගේ චරිතයට පණ පොවන කලාශිල්පී ජගත් කුමාර ජයසිංහ මහතා ප්‍රමුඛ කලා ශිල්පින් විසින් පවත්වනු ලැබිණි.



















