



ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොකුණු සහ මාගල්ලේ ජලාශයට මත්ස්‍ය පැටවුන් 240,000 ක් මුදා හැරීම 2021.12.30 සිදුවිය.
නිකවැරටිය කිරිඳිගල්ල ප්‍රදේශයේ තෝරාගත් පොකුණු වලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර දේශපාලන අධිකාරියේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාගල්ලේ ජලාශයට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම සිදුවිය.
මෙම වැඩසටහන සංවිධාන කරනු ලැබුවේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී උපාලි රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.



















