



නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධාන කරන ජාතික සමගි සංධාන වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී 2021.12.30 පැවැත්විණි.
අධිකරණ අමාත්‍යාංශයේ ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය ලේකම් ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම හා සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අද දිනයේදී කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී කර ගැනුණි.
මේ සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරී ජයන්ත හේරත් මහතාගේ සහ සමථ නිලධාරී සුරත් අමරසිංහ මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර මෙම වැඩසටහනේ දී ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් ජාතික සංහිඳියා යාන්ත්‍රණයක් සකස් කිරීම සදහා සංහිඳියා කාර්යාංශය වෙත යොමු කිරීමට නියමිතයි.
අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක එම්.ඒ.බී.ඒ.යූ.එස්.ආලෝක බණ්ඩාර මහතා විසින් මෙම කටයුතු සංවිධාන කර සම්බන්ධීකරණය කරනු ලබයි.



















