


ගැටුම් නිරාකරණයේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණය පිළිබද විශේෂ එක්දින වැඩමුළුවක් 2021.12.28 දින නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.කොට්ඨාසයේ සියළුම ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් සහ කාර්‍යාලයීය නිලධාරීන් සහභාගී කරවා ගනිමින් පැවැති එම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ මේ පිළිබද කුරුණෑගල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී උදේනි පුෂ්පශාන්ත මහතායි.ගැටුම් නිරාකරණයේදී ප්‍රජාව සමඟ ඍජුව සම්බන්ධ වීමේදී නිලධාරීන් විසින් ප්‍රගුණ කළ යුතු පෞරුෂ ගුණාංග පිළිබද මෙහිදී සියුම් අධ්‍යයනයට ලක් විණි



















