ආදායම් සහතික
පහත ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසුව ආදායම් සහතිකයක් ලබාගත හැක.
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- ආදායම තහවුරු කිරීම සඳහා පහත ලියවිලි වලින් එකක් ඉදිරිපත් කල යුතුය
* ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකයේ ජායා පිටපත
* ඉඩම් ඔප්පුවේ ජායා පිටපත
* වාහන හෝ වෙනත් චංචල දේපලක් සම්බන්ධ ලියාපදිංචි සහතිකයේ ජායා පිටපත
- ආදායම් සහතික ඉල්ලුම්පත්‍රය
[බාගත කරන්න]
ව්‍යාපාර නාම සහතික
1. ව්‍යාපාර නාමයක් ලියා පදිංචි කිරීමට අවශ්‍ය ලේඛන
- අයදුම්පත්‍රය
- ව්‍යාපාර ස්ථානය පිහිටි ඉඩමේ ඔප්පුවේ පිටපතක්
- අවසාන පත්ඉරුව
- අයිතිය තමාසතු නොවේ නම් අයිතිකරු ව්‍යාපාර ලියාපදිංචියට කැමැත්ත පලකල ලිපියක් සහ ඔප්පු පිටපතක් (ග්‍රාම නිළධාරි සහතික කල) බදු ඔප්පුවක් නම් ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සිදුකරන්නේ බදු ගැණුම්කරුගේ නමින් පමණි.
- ප්‍රාදේශිය සභාවට මුදල් ගෙවු ලදුපතෙහි සහ වෙළඳ බලපත්‍රයේ පිටපතක්
- ව්‍යාපාරයේ සවභාවය අනුව
ආහාර සම්බන්ධ නිෂ්පාදන - මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව
දැව සම්බන්ධ ව්‍යාපාර - දැව බලපත්‍ර
ෆාමසි - සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වාර්තාව
හාල් මෝල්,ගල්මෝල්,සත්ව පාලන - පරිසර බලපත්‍රය
බීජ වර්ග අලෙවිය - කෘෂිකර්ම නිළධාරි අනුමැතිය
කෘෂි රසායන/පොහොර - කෘෂිකර්ම නිළධාරි වාර්තාව
2. ව්‍යාපාර නාම සංශෝධනය කිරීම
- සංශෝධන අයදුම්පත්‍රය
- අදාල ග්‍රාම නිළධාරි වාර්තාව හා සංවර්ධන සම්බන්ධීකාරක වාර්තාව ලබාගැනීම
- මුල් සහතික පත්‍රය නැවත ලබාගැනිම
3. ව්‍යාපාර නාමය වසාදැමිම
- ව්‍යාපාර නාම 7 අකෘතිය
- මුල් සහතිකය ආපසු ලබාගැනිම
- අදාල ග්‍රාම නිළධාරි වාර්තාව හා සංවර්ධන සම්බන්ධීකාරක වාර්තාව ලබාගැනීම
- ව්‍යාපාර හිමිකරුගෙන් වසාදැමීමට කැමැත්ත ලබාදෙන ලද ලිපිය



















